Thursday, February 24, 2011

ජාවා හැදින්වීම...

මෙන්න ජාවා - 2 වැනි දිගහැරුම

ගොඩ කලෙකින් ඉඩක් ලැබුණා..ඇත්තටම බැලුවොත් හුස්මක් ගන්නත් බෑ පාඩම් වැඩ නිසා...ඒත් පටන්ගත්තගන්ම වැඩේ නවත්තන්න බැනේ...

ඉතින් ඔන්න නවත්තපු තැන ඉදන්...

හැමෝම දන්නවනෙ ඉතින් විෂයක් අලුතින් ඉගෙන ගනිද්දි මුල් ටිකේ තියෙන්නෙම කථාවක් වගේ theory විතරයිනේ... ඉතින් ජාවා කියල අමුත්තක් නෑ... ජාවා වලත් theory ටිකක් තියෙනව දැනගන්න ඕනා...ඒව දැනගන්න ඕනෙමයි කියල නෑ..
ඒත් ජාවා ගහන්න පුලුවන් කියල ඉන්න කොට පොඩි එකෙක් " අයියේ, ජාවා මොන පරම්පරවෙ එකක්ද ? " කියල හරි ඇහුවොත් ජාමෙ බේරගන්න කියල හරි theory වලින් ටිකක් හරි දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනේ...

ඔන්න ඉතින් වැඩිය පල් හැලි ගහන්නෙ නැතුව කෙටියෙන් ජාවා ගැන දැන ගෙන හිටියොත් හොදයි කියල හිතෙන ටික කියන්නම්කො අහගන්නත් එක්ක...

ජාවා කියන්නෙ තුන්වෙනි පරම්පරවේ programming language එකක්නේ.

ජාවා ඉතිහසය ගැන කතා කළොත් 1990 ගනන් වල ගෘහ විදුලි උපකරණ නිෂ්පාදකයින්ට ලොකු ප්‍රශ්නයක් තිබිල තියෙනවා. ඒ තමයි ඒ කලෙ රූපවාහිනි, රේඩියෝ, ටෝස්ටර් වැනි උපකරණ program කරමින් තිබ්බ C, C++ වගේ භාෂාවල දුර්වලකම්...ඒ දුර්වලතා තමයි, ඒවයෙන් program එකක් ලියන්න තිබ්බ සංකීර්ණකම, එතකොට එහෙම හරි හදන program එකට ලොකු ඉඩක් වෙන් කරන්න වීම වගේ ප්‍රශ්න පත්තරයක්ම තිබිල තියෙනවා...

ඉතින් ඔහොම ඉන්න කොට තමයි ඇමරිකාවේ Sun Microsystems එකේ James Gosling විසින් Oak කියල අද අපි කතා කරන ජාවා නිර්මාණය කළේ..ජාවා නිර්මාණය කළේම ගෘහ විදුලි උපකරණ වලට අවශ්‍ය software සංවර්ධනය කරන්න...

මුලින් තිබ්බ ප්‍රශ්න ඔක්කොටම ජාවා වලින් පිළිතුරු හම්බ වුණා... ජාවා වැඩසටහනක් ලිව්වොත් එකම වෙනත් programming language එකකින් ලිව්වොත් ගන්න ඉඩ වගේ ඉතාම සුළු ඉඩක් ගන්නේ...ඒවගේම ජාවා හරිම සරල, ජංගම, විශ්වාසවන්ත, බල සම්පන්න භාෂාවක්...
අනිත් වැදගත්ම දේ තමා ජාවා platforms මත රදා නොපැවතීම...ඒක සරලව කිව්වොත් Windows, Linux මොක කිව්වත් ජාවා ජාවාමයි...පස්සෙ කළේ අන්තර්ජාලයේ සීඝ්‍රර වර්ධනයත් එක්ක platform නිදහස් programming language එකක් විදිහට නිසා ජාවා සෑහෙන්න ජනප්‍රිය වුණා...

හරි ඉතිහාස කතාව එතනින් නවත්තමු.නැත්නම් මේකෙ වෙන මුකුත් කියන්න වෙන්නෙ නෑ...

ආහ් වැදගත්ම දෙයක් අමතක වුණා... දැන් ඔය හැමෝම ජාවා ජාවා කිව්වට Oak වලට ජාවා කියල හදුන්වන්න ගත්තේ 1995 ඉදනුයි. Oak වලට ජාවා කියල නම දන්න හේතුවක් හරියටම කියන්න බැරි වුණාට ඔය ජාවා කියන නම හිතිල තියෙන්නේ කෝපි විරාමයකදීලු...

මරුම වැඩේ තමයි, තාම ජාවා කියන නමට අර බුද්ධිමය දේපල පනතට අනූව අයිතිය අරගෙන නෑ...

ආහ් තවත් එකක්, ජාවා දැන් අයිති Oracle කියන සමාගමටයි...

No comments:

Post a Comment