Sunday, December 25, 2011

ප්‍රථම ජාවා වැඩ සටහන


ඔන්න  ඉතින් කාලෙකට පස්සෙ වෙලවක් හොයා ගත්ත ඊළග පාඩම ලියන්න. ඇත්තම කිව්වොත් මේ වෙලාව අනිත් හැමදාටම වඩා භයානක වෙලාවක්. මොකද මට රට වටේ විභහග තොගයක් නොනවත්වා තියෙන දවස්... හරි ඒ කථා වලින් වැඩක් නෑ, කෙළින්ම අද පාඩමට බහිමු.ඔන්න අද අපි සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිට ආරක්සාවයි කියල අපේ පළවෙනි ජාවා වැඩ සටහන ලියන්නයි යන්නේ.එකට මුලින් තම තමන්ගේ පරිඝනක වලට JDK ස්ථාපනය කරගෙන තියෙන්න ඕනෙයි.කළින් පාඩමේ කිව්වනේ ඒක කොහෙන්ද බාගන්න පුලුවන් කියලා.කළින් පාඩම කියවන්න බරි වුණානම් වහාම මෙතන්ට යන්න .... :P
ඔන්න එහෙනම් ඔයා ස්ථාපනය කරගෙන වැඩේට බහින්න...හරි දැන් මුලින්ම තමන් කැමති තැනක කැමැති නමකින් folder එකක් හදාගන්න.ඊට පස්සේ Notepad එක open කරගෙන මේ පහලින් තියෙන coding කොටස type කරන්න.


class HelloWorld {
      public static void main(String args[]) {
            System.out.println(“Hello World!”);
      }
}
 
1.)     Class එකේ නම
2.)     { - Class එකක හෝ method එකක ආරම්භය
} – Class එකක හෝ method එකක අවසානය
3.)     ප්‍රධාන method එක.මෙතන තමා අපේ program එකේ ආරම්භක ස්ථානය වෙන්නේ.
4.)     මේක තම ජාවා වලින් මොනවා හරි display එකේ display කරගන්න ඔනෙනම් පාවිච්චි කරන command එක. මේකේ " " ඇතුලේ ලියන ඕනෑම දෙයක් ඒ විදිහටම screen එකේ පෙන්නනවා. (මේ දේවල් ගැන ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරනවා.)
5.)     Statement එකක අවසානය සටහන් කරන්නේ ;ලකුණ යෙදීමෙනි. 

 
ඊටත් පස්සේ ඒ save කරගන්න ඕනේ පහත විදිහට.
Save as type : එකට “All files” තෝරලා පහල විදිහට file name දීලා අර කලින් හදපු folder එක ඇතුලෙ save කරන්න.


 
ඊට පස්සේ කරන්න තියෙන්නේ Command prompt එක open කරගෙන අර මුලින් හදා ගත්තfolder එක ඇතුලට prompt එක ගන්න එකයි.

ඒකට කරන්න මෙන්න මෙච්චරයි දැන ගන්න ඕනේ,
Folder එකක් ඇතුලට යන්න නම් cd folder_name විදිහට type කරල Enter ඔබන්න.
Folder එකකින් එළියට එන්න ඕනේනම් cd.. කියලා type කරල “Enter” ඔබන්න.
ඔන්න ඔය දෙක පාවිච්චි කරලා අර කලින් හදා ගත්ත එක ඇතුලට එක ගන්න.

ඊට පස්සේ අපේ පරිඝනකයට JDK ස්ථාපනය කරල තියෙන තැන හදුන්වල දෙන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ පහත විදිහට කරලා කරන්න විතරයි.

 
මේකේ path එකට දෙන්න ඕනේ තමන්ගේ පරිගනකයේ JDK ස්ථාපනය කරලා තියෙන තැනේ තියෙන bin folder එකේ path එකයි. ඒක තම තමන් ස්ථපනය කරන තැන අනූව වෙනස් වෙනවා.

ඔන්න දැන් අපිට බයක් සැකක් නැතුව අපි හදා ගත්ත ජාවා program එකක් වැඩ කර වල බලන්න පුලුවන්.

ඒක වැඩ කර වල බලන්න කලින් අපි අර ලියා ගත්ත එකේ class ෆයිල් එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අර හදා ගත්ත එක කම්පයිල් (compile) කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි,

>javac file_name.java කියල දීලා Enter එබීම පමණයි.

උදාහරණයක් විදිහට අපි දැන් ලියා ගත්ත එක කම්පයිල් කරන විදිහ බලමු.


වැරදි මුකුත් නැත්නම් කිසි කරදරයක් නැතුව අපි ලියපු ජාවා program එකේ byte-code ෆයිල් එක හැදෙනවා. වැරදි තිබ්බොත් ඒවා ඊළග පේළියේ පෙන්නනවා.



ඒත් මේකෙ එහෙම මුකුත් පෙන්නල නැති නිසා අපේ එකේ වැරදි මුකුත් නෑ. දැන් අපිට අපි හද ගත්ත program එක run කරල බලන්න පුලුවන්.

ජාවා program එකක් run කරන්නේ මෙන්න මෙහෙමයි.
java කියල type කරල අර අපි save කර ගත්ත ජාවා ෆයිල් එකේ අග කොටස(extension එක) නැතුව type කරල Enter ඔබන්න. Run කරන්න HelloWorld.java හෝ HelloWorld.class බාවිතා නොකරන්න.

උදාහරණයක් විදිහට අපි දැන් හදා ගත්ත program එක run කරල බලමු.



ඔන්න අපේ program එක වැඩ කළා. ඒකෙ ලියපු කෝඩින් එක මතක් කරගන්න. මොකද්ද අපි කරන්න කිවුවේ? Screen එකේ Hello World!කියල display කරන්න කියලනේ අපි ලිව්වේ. ඔන්න ඒක වුණා.

මේ කියපු දේ ඒ විදිහටම කළා නම් ඉහත ප්‍රථිපලය ඔයාට ලැබෙන්න ඕනේ. ඉහත ප්‍රථිපලය ඔයාට ලැබුනා නම් මගේ උණුසුම් සුභ පැතුම්... ඔයා ඔයාගේ පළමු ජාවා වැඩ සටහන සාර්ථාකව නිර්මාණය කරලා.

Thursday, February 24, 2011

ජාවා වැඩ සටහන් ජාති

මෙන්න ජාවා - 5 වැනි දිගහැරුම

ජාවා වැඩසටහන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්...
               Stand Alone Applications
               Web-based Java Applications

වෙබ්-පාදක ජාවා වැඩසටහනුත් (Web-based Java Applications) ජාති කිහිපයක් තියෙනවා...
ඒව තමයි,
              Applets
              Servlets
              Java Server Pages

මේ වචනයි...මේ මොනවද, කිංද මංද කියල සමහරු දන්නවත් ඇති ඒත් මේව ගැන අපි පසුවට දීර්ඝ වශයෙන් කථා කරමුකෝ...

ජාවා platform සංස්කරණ

Java Micro Edition(Java ME)
                     ජාවා ME භාවිතා කරන්නේ ජංගම දුරකථන වලට ජාවා වැඩසටහන් හදන්න.
Java Standard Edition(Java SE)
                     ජාවා SE පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජාවා වැඩසටහන් නිර්මාණය කරන්නයි.
Java Enterprise Edition (Java EE)
                     ජාවා EE පාවිච්චි කරන්නේ දරුණු ගණයෙලා සැලැකෙන server එක පැත්තෙන් කෙරෙන කේතන වැඩ කටයුතු වලටයි.

ජාවා ව්‍යුහය

මෙන්න ජාවා - 4 වැනි දිගහැරුම

ජාවා වැඩ කරන පරිගණක පද්ධතියක් ගත්තම ඒක හැදිල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.

මේ ගැන කියන්න කලින් පරිගණක පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන විදිහ කතා කරල හිටියොත් හොදයි කියල හිතුනා.

පරිගණක පද්ධතියක් භෞතිකව නිර්මාණය වෙලා තියෙන්නේ දෘඩාංග හා මෘදුකාංග යන කොටස් දෙක එකතු වෙලානේ.
පරිගණකයේ තියෙන දෘඩාංග කොටස් අපිට ඕන විදිහට හසුරොවන්න පුලුවන් තැනට ගෙනත් දෙන්නේ පද්ධති මෘදුකාංගය නොහොත් System Software එක විසිනි.
සරලවම කතා කරන පද්ධති මෘදුකාංගය තමා මෙහෙයුම් පද්ධතිය නැතහොත් Operating System(OS) එක කියන්නේ...

ජාවා පාරිභාෂිතය

මෙන්න ජාවා - 3 වැනි දිගහැරුම

ජාවා ඉගෙන ගනිද්දී නිතරම ඇහෙන වචන ටිකක් තියෙනවා...ඒ ටිකත් දැන ගෙනම වැඩේට බහින එක ඔක්කොටම වඩා හොදයිනේ...
මොකද නැත්නම් මගදි වචන අහු වුණාම ටොපික් එකෙන් පිට පනින්න වෙනවනෙ වචනෙ තේරුම් කරන්න...

හැබැයි පුතෝ මේක හෙනම අමාරු වැඩක්...සමහරක් විට ඉංග්‍රීසි තේරුම කියෙව්වොත් සිංහල එකට වඩා හොදට තේරෙයි කියල හිතනවා...ඒ නිසා සිංහල සරල තේරුමයි, ඉංග්‍රීසි තේරුමයි දෙකම කියන්නම්කෝ...
හොද විදිහකට තේරුන් ගන්න බලන්නකෝ....

Class
දත්ත සහ ඒ දත්ත භාවිතා ක්‍රම සමූහයක එකතුවක්.
(A collection f data and methods that operates on that data.)

ජාවා හැදින්වීම...

මෙන්න ජාවා - 2 වැනි දිගහැරුම

ගොඩ කලෙකින් ඉඩක් ලැබුණා..ඇත්තටම බැලුවොත් හුස්මක් ගන්නත් බෑ පාඩම් වැඩ නිසා...ඒත් පටන්ගත්තගන්ම වැඩේ නවත්තන්න බැනේ...

ඉතින් ඔන්න නවත්තපු තැන ඉදන්...

හැමෝම දන්නවනෙ ඉතින් විෂයක් අලුතින් ඉගෙන ගනිද්දි මුල් ටිකේ තියෙන්නෙම කථාවක් වගේ theory විතරයිනේ... ඉතින් ජාවා කියල අමුත්තක් නෑ... ජාවා වලත් theory ටිකක් තියෙනව දැනගන්න ඕනා...ඒව දැනගන්න ඕනෙමයි කියල නෑ..
ඒත් ජාවා ගහන්න පුලුවන් කියල ඉන්න කොට පොඩි එකෙක් " අයියේ, ජාවා මොන පරම්පරවෙ එකක්ද ? " කියල හරි ඇහුවොත් ජාමෙ බේරගන්න කියල හරි theory වලින් ටිකක් හරි දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනේ...

ඔන්න ඉතින් වැඩිය පල් හැලි ගහන්නෙ නැතුව කෙටියෙන් ජාවා ගැන දැන ගෙන හිටියොත් හොදයි කියල හිතෙන ටික කියන්නම්කො අහගන්නත් එක්ක...

ජාවා කියන්නෙ තුන්වෙනි පරම්පරවේ programming language එකක්නේ.

Monday, January 10, 2011

හැදින්වීම...

ජාවා(Java) ගැන කියන්න කළින් පරිඝණක වැඩ සටහනක් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න එක හොදයිනේ...පරිඝනක වැඩ සටහනක් කියන්නේ පරිඝණකයක් ලව්වා මොකක් හරි වැඩක් කරව ගන්න කේතන භාෂාවකින්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් එකකින්-Programming language) ලියපු විධාන එකතුවකටයි.

හරි දැන් බලමු කේතන භාෂාවක්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ්-Programming language එකක්) කියන්නෙ මොකද්ද කියලා...
ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් (Programming language) එකක් කියන්නෙ පරිඝණකයක් වැනි යන්ත්‍රයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒ යන්ත්‍රය මෙහෙයවන්න පුලුවන් විධාන ලියන්න පුලුවන් කෘතීමව නිර්මාණය කරගත් භාෂාවකටයි.

උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි ගමු. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හරියටම ලියන්න නම් ග්‍රරැමර් (Grammar) හරියටම තියෙන්න ඕනෙනේ. ඒ වගේම තමා කේතන භාෂා (ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජස්-Programming languages) වලත් ග්‍රැමර් (Grammar) හරියට තියෙන්න ඕනේ. ඒත් ඒවට භාෂාවෙන් කියන්නේ සින්ටැක්ස් (Syntax) කියලයි. ඒත් ඉතින් ඉංග්‍රීසි වාක්‍යයක ග්‍රැමර් (Grammar) හරියට නැති වුණත් අපිට තේරුන් ගන්න පුලුවන් වුණාට ප්‍රොග්‍රැමින් (Programming) වල සින්ටැක්සස් (Syntaxes) හරියට නැත්නම් පරිඝණකයට හරි ඒ ප්‍රොග්‍රැම් (Program) එක ලියන යන්ත්‍රයට ඒ කරන්න කියන දේ තේරුන් ගන්න බෑ. ඒ හින්දා ප්‍රොග්‍රැමින් (Programming) කරන කොට සින්ටැක්සස් (Syntaxes) හරියටම තියෙන්න ඕනේ.

ආහ්...එළිත් වුණා...අදට මතු සම්බන්දයි...