Monday, January 10, 2011

හැදින්වීම...

ජාවා(Java) ගැන කියන්න කළින් පරිඝණක වැඩ සටහනක් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න එක හොදයිනේ...පරිඝනක වැඩ සටහනක් කියන්නේ පරිඝණකයක් ලව්වා මොකක් හරි වැඩක් කරව ගන්න කේතන භාෂාවකින්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් එකකින්-Programming language) ලියපු විධාන එකතුවකටයි.

හරි දැන් බලමු කේතන භාෂාවක්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ්-Programming language එකක්) කියන්නෙ මොකද්ද කියලා...
ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් (Programming language) එකක් කියන්නෙ පරිඝණකයක් වැනි යන්ත්‍රයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒ යන්ත්‍රය මෙහෙයවන්න පුලුවන් විධාන ලියන්න පුලුවන් කෘතීමව නිර්මාණය කරගත් භාෂාවකටයි.

උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි ගමු. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හරියටම ලියන්න නම් ග්‍රරැමර් (Grammar) හරියටම තියෙන්න ඕනෙනේ. ඒ වගේම තමා කේතන භාෂා (ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජස්-Programming languages) වලත් ග්‍රැමර් (Grammar) හරියට තියෙන්න ඕනේ. ඒත් ඒවට භාෂාවෙන් කියන්නේ සින්ටැක්ස් (Syntax) කියලයි. ඒත් ඉතින් ඉංග්‍රීසි වාක්‍යයක ග්‍රැමර් (Grammar) හරියට නැති වුණත් අපිට තේරුන් ගන්න පුලුවන් වුණාට ප්‍රොග්‍රැමින් (Programming) වල සින්ටැක්සස් (Syntaxes) හරියට නැත්නම් පරිඝණකයට හරි ඒ ප්‍රොග්‍රැම් (Program) එක ලියන යන්ත්‍රයට ඒ කරන්න කියන දේ තේරුන් ගන්න බෑ. ඒ හින්දා ප්‍රොග්‍රැමින් (Programming) කරන කොට සින්ටැක්සස් (Syntaxes) හරියටම තියෙන්න ඕනේ.

ආහ්...එළිත් වුණා...අදට මතු සම්බන්දයි...

Saturday, January 8, 2011

මෙන්න Java

ජිවිතේ පළවෙනි වතාවට ජාවා කියල ඉගෙන ගත්තෙ ඔන්න අද තමයි...අනේ මන්ද මගේ වෙලාවද නැත්නම් මොකක්ද මන්ද උගන්නපු ඒව හරකට වගේ තේරුනා...
ඉතින් මං කල්පනා කළා අද ඉදන් මං ඉගෙන ගන්න දේවල් මේකෙ ඔයාල එක්ක බෙදා හදාගන්න...